Skip to content
V
වාහනයක් ගන්න TIN අංකය අනිවාර්යයි
featured news - උණුසුම් පුවත්

වාහනයක් ගන්න TIN අංකය අනිවාර්යයි

By News Room · 12 January 2026

වාහනවල හිමිකාරිත්වය පැවරීමේදී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය හෙවත් "TIN අංකය" මේ වන විට අනිවාර්යය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

මෙතෙක් කලක් නව වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම සඳහා පමණක් TIN අංකය අනිවාර්යය කර තිබුණු අතර, ජනවාරි මස 05 වැනිදා සිට ලියාපදිංචි වාහනවල හිමිකාරීත්වය පැවරීමේදී ද එය අනිවාර්යය කර ඇති බවයි සඳහන් වන්නේ.

යතුරුපැදි, අත් ට්‍රැක්ටර්, ට්‍රැක්ටර් සහ ත්‍රිරෝද රථ හැර, අනෙකුත් සියලු මෝටර් වාහන ලියාපදිංචියේදී හා අයිතිය පැවරීමේදී අදාළ නව අයිතිකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය සහ බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය හෙවත් TIN අංකය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ඇතුළත් කළ යුතු බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026