Skip to content
V
විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වලින් පැතුම් නිස්සංක 6වන ස්ථානයට
featured news - උණුසුම් පුවත්

විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වලින් පැතුම් නිස්සංක 6වන ස්ථානයට

By News Room · 17 September 2025

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත්කළ නවතම විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක 6වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ හොංකොං කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී රැස්කළ අර්ධ ශතක (68) ඉනිම හේතුවෙන් ඔහු මෙලෙස ඉදිරියට පැමිණ තිබේ.

මෙම ඉනිම ක්‍රීඩාකිරීමට පෙර පැතුම් ශ්‍රේණිගත කිරීම්හි 7වන ස්ථානයේ රැඳී සිටියේය. පැතුම් ශ්‍රේණිගත ලකුණු 751ක් හිමිකරගෙන ඇති අතර, එය ඔහු විස්සයි20 ක්‍රිකට් දිවියේ ලබාඇති ඉහළම ලකුණු සංඛ්‍යාව වේ.

මේ අතර කුසල් පෙරේරා ද මෙම ශ්‍රේණිගත කිරීම්හි 9වන ස්ථානයේ රැඳී සිටියි. විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ ඉන්දියාවේ අභිෂේක් ශර්මා (884) රැඳී සිටින අතර, දෙවන ස්ථානය එංගලන්තයේ ෆිල් සෝල්ට (838) හිමිව ඇත. එංගලන්තයේම පිතිකරුවෙකු වන ජොෂ් බට්ලර් (794) මෙහි තෙවන ස්ථානයේ රැඳී සිටියි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026