Skip to content
V
වාසුදේවගේ සහාය මාලිමාවට
featured news - උණුසුම් පුවත්

වාසුදේවගේ සහාය මාලිමාවට

By News Room · 8 October 2024

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ සහාය ජාතික ජන බලවේගයට ලබාදීමට එම පක්ෂය තීරණය කර තිබේ.

අද (08) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඒ බව පවසා සිටියේය.

"ඉදිරියේ පාර්ලිමේන්තු මැතිවරණය එනවා. මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේ පක්ෂය අපි සහයෝගය දක්වන්නේ මාලිමාවට. අපේ පක්ෂය තරග කරනවා. තරග කරන්නේ ජාතික ජන බලවේගයට සහයෝගය පළකරමින්. අපි උත්සාහ කළා ජාතික ජන බලවේගය එක්ක සම්බන්ධතාවයක් ගොඩනගාගෙන එකට මේ ඡන්දයේදී තරගයට ඉදිරිපත් වෙන්න,ජනාධිපතිවරණයේදී පවා එබඳු සමීපකමක් ඇති කරන්න උත්සාහ කළා. නමුත් ඒක සාර්ථක වුණේ නැහැ. ඒක ජාතික ජනබලවේගයේ යම් ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් නිසා. පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි වෙනම තරග කරනවා. වෙනම තරගකරත් අපේ සහයෝගය අපි ජාතික ජන බලවේගයට ලබාදෙනවා. අපේ අනුගාමිකයින්ට අපි කියා සිටිනවා අපිට දෙන ඡන්දයත් ජාතික ජන බලවේගයට දෙන ඡන්දයක් බව."

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026