Skip to content
V
විශ්‍රාම වැටුප් නොමැතිවූ මන්ත්‍රීවරුන් 85 දෙනා
featured news - උණුසුම් පුවත්

විශ්‍රාම වැටුප් නොමැතිවූ මන්ත්‍රීවරුන් 85 දෙනා

By News Room · 26 September 2024

නවක මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් 85 දෙනකුට පාර්ලිමේන්තුව කල්තියා විසුරුවා හැරීමත් සමග විශ්‍රාම වැටුප අහිමිවූ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. මන්ත්‍රීවරයකු විශ්‍රාම වැටුප හිමිවීමට නම් පාර්ලිමේන්තුවේ වසර පහක මුළු නිල කාලයම සම්පූර්ණ කළ යුතුවේ.නව වැනි පාර්ලිමේන්තුවේ නිල කාලය සාමාන්‍ය පරිදි අවසන් වීමට නියමිතව තිබුණේ ලබන වසරේ අගෝස්තු මස 8 වැනිදාය. මෙසේ විශ්‍රාම වැටුප අහිමිවූ මන්ත්‍රීවරු අසූ පස් දෙනාට විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුද ඇතුළත් වෙති. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් හිමිවන්නේ 1977 අංක 1 දරන මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනතේ විධි විධාන අනුවය.වසර පහ සම්පූර්ණ කරන මන්ත්‍රීවරයකුට මන්ත්‍රී වැටුපෙන් තුනෙන් එකක මුදලක් විශ්‍රාම වැටුපක් ලෙස හිමි වනු ඇත. වසර දහයක් සම්පූර්ණ කරන මන්ත්‍රීවරයකුට හිමි වන්නේ මන්ත්‍රී වැටුපෙන් තුනෙන් දෙකක මුදලක විශ්‍රාම වැටුපකි. මේ අතර මන්ත්‍රීවරුන්ට හිමිව තිබූ මන්ත්‍රී වැටුප සහ අනෙකුත් වරප්‍රසාද සියල්ලද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග අහෝසිවී ගියේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026