Skip to content
V
විශ්‍රාමික ගුරුවරියකට මරු කැඳවූ අනතුර
featured news - උණුසුම් පුවත්

විශ්‍රාමික ගුරුවරියකට මරු කැඳවූ අනතුර

By News Room · 30 June 2025

විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු පැදවූ කැබ් රථයේ දොර විවෘත කිරීමත් සමගම ධාවනය වෙමින් තිබූ යතුරුපැදයක හැඩලයේ ගැටී එය මාර්ගයේ පෙරළී යාමෙන් මාරක අනතුරක් සිදුව තිබේ. අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් විශ්‍රාමික ගුරුවරියක් මියගොස් ඇති අතර, ඇගේ සැමියා තුවාල ලබා හොරණ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි බණ්ඩාරගම පොලීසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ පොකුණුවිට හංස උයන පදිංචිව සිටි පි ඒ සුමනාවතී නම් 62 හැවිරිදි තිදරු මවකි. යතුරුපැදිය පොකුණුවිට සිට බණ්ඩාරගම දෙසට ගමන් කිරීමේ දී නවතා තිබූ කැබ් රථයේ දකුණු පස දොර එකවරම විවෘත කිරීම හේතුවෙන් යතුරුපැදියේ හැඩලයේ ගැටී මාර්ගයට වැටී ඇති අතර පසුව පසුපැදිකාරිණිය පිටුපසින් පැමිණි ත්‍රීරෝද රථයකට යටවී ජීවිතක්ෂයට පත්ව තිබේ.

සැකකාර විශ්‍රාමික යුද්ධ හමුදා ආබාධිත සෙබළා සහ ත්‍රීරෝද රථ රියදුරු පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.

සැකකරුවන් දෙදෙනා අද (30) පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. බණ්ඩාරගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026