Skip to content
V
වෙලේ සුදාට බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියමවෙයි
featured news - උණුසුම් පුවත්

වෙලේ සුදාට බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියමවෙයි

By News Room · 15 January 2025

හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයාගත් රුපියල් කෝටි ගණනක දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබූ චෝදනාවලට වරදකරු කෙරුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදාට, ඔහුගේ බිරිඳ සහ තවත් කාන්තාවකට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර අට බැගින් සිරදඬුවම් නියම කළේය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

ඊට අමතරව විත්තිකරුවන්ට දඩ මුදල්ද නියම කෙරුණු අතර නීතිවිරෝධී ලෙස උපයාගත් දේපළ මුදල් හා රන් භාණ්ඩ රාජසන්තක කිරීමටත් අධිකරණය විසින් නියම කරනු ලැබීය. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026