Skip to content
V
වෙලේ සූදාට එරෙහි නඩුවක තීන්දුව ප්‍රකාශ කිරීම දෙසැම්බර්වලට
featured news - උණුසුම් පුවත්

වෙලේ සූදාට එරෙහි නඩුවක තීන්දුව ප්‍රකාශ කිරීම දෙසැම්බර්වලට

By News Room · 30 October 2024

වෙලේ සුදා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක විභාගය අවසන් කළ කොළඹ මහාධිකරණය එහි තීන්දුව දෙසැම්බර් මස 20 වනදා ප්‍රකාශයට පත් කරන බව අද (30) නිවේදනය කළේය.

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් මුදල්වලින් රුපියල් කෝටි 17කට අධික වත්කම් හා මුදල් අයථා ලෙස අත්පත් කරගත්තේ යැයි චෝදනා කරමින්, මේ වනවිට මරණීය දණ්ඩනය නියමවී සිටින ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.  කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ මෙම නඩුව විභාග කෙරුණි. මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස වෙලේ සුදාගේ බිරිඳ හා ඥාති සොහොයුරියක් නම් කර තිබුණි. 

ඒ අනුව දීර්ඝ සාක්ෂි විභාගයකින් අනතුරුව නඩු විභාගය අවසන් කළ මහාධිකරණ විනිසුරුවරයා එහි තීන්දුව දෙසැම්බර් මස 20 වනදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026