Skip to content
V
වැලිගමදී රජරට රැජින දුම්රියේ වෑන් රියක් ගැටෙයි
featured news - උණුසුම් පුවත්

වැලිගමදී රජරට රැජින දුම්රියේ වෑන් රියක් ගැටෙයි

By News Room · 14 February 2025

බෙලිඅත්තේ සිට අනුරාධපුරය බලා ධාවනය වූ රජරට රැජින දුම්රියේ වැලිගම පැලෑන දුම්රිය හරස් මාර්ගයේදී වෑන් රථයක් ගැටී අද (14) පෙරවරුවේ අනතුරක් සිදුව ඇත. අනතුරින් වෑන් රථය දැඩි අලාභ සිදුව ඇති අතර, රියදුරාට සුළු තුවාල සිදු තිබේ. මෙම වෑන් රථය සංචාරකයින් රැගෙන යාමට භාවිතා කරනු ලබන රථයක් බව පොලීසිය පවසයි.

කෙසේ නමුත් අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථයේ රියදුරු පමණක් සිට ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රිය හරස් මාර්ගයේ ස්ථාපිත අනතුරු ඇඟවීමේ සීනුව මෙන්ම ආලෝක සංඥා පද්ධතිය ක්‍රියාවිරහිතව පැවති බව වාර්තා වේ. ඒ අනුව මෙම අනතුර හා අනතුරු ඇඟවීමේ සංඥා ක්‍රියාත්මක නොවීම පිළිබඳ පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026