Skip to content
V
විරාත් කෝලිට දඩයක්
featured news - උණුසුම් පුවත්

විරාත් කෝලිට දඩයක්

By News Room · 26 December 2024

ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර අද මෙල්බන් හිදී ආරම්භ වූ සිව්වැනි ටෙස්ට් තරගයේදී ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලිට එරෙහිව දඩයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ.

India Today පුවත් සේවය වාර්තා කළේ ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු සෑම් කොන්ටාස් ගේ උරහිසෙහි ගැටී ඔහු සමග මතභේදයක් ඇතිකර ගැනීම සම්බන්ධයෙන් විරාත් කෝලිගේ තරග ගාස්තුවෙන් 20%ක් දඩයක් ලෙස අය කරගැනීමටත් ඔහුගේ විනය වාර්තාවට දඬුවම් ලකුණක් එකතු කිරීමටත් ක්‍රිකට් බලධාරීන් කටයුතු කර ඇත.

තරගයේ පළමු දිනයේ 10 වැනි පන්දු ඕවරය අවසානයේදී කෝලි කොන්ටාස් වෙස ඇවිද ගොස් උවමනාවෙන් මෙන් ඔහුගේ උරහිසේ ගැටෙන අයුරු දැක්වෙන වීඩියෝ මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි. සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන කොන්ටාස් වේගවත් ලකුණු 60ක් රැස් කිරීමට සමත් විය.

19 හැවිරිදි මෙම කොන්ටාස් ග්‍රීක සම්බවයක් සහිත ක්‍රීඩකයෙකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය හිටපු ක්‍රිකට් නායකයෙකු වන රවී ශාස්ත්‍රි පවසා ඇත්තේ කෝලී සිදුකර ඇත්තේ අනවශ්‍ය ක්‍රියාවක් බවය. මේ අතර හිටපු ඔස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින් ද පැවසුවේ පළපුරුදු ක්‍රීඩකයෙකු වන කෝලී එම ගැටුම නිර්මාණය කළ බවය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026