Skip to content
V
වැරදි වැටහීමක් හේතුවෙන් ගිලන් රථයෙන් පැන්න වෛද්‍යවරිය
featured news - උණුසුම් පුවත්

වැරදි වැටහීමක් හේතුවෙන් ගිලන් රථයෙන් පැන්න වෛද්‍යවරිය

By News Room · 28 August 2024

තමා පැහැර ගැනීමට උත්සාහ කරන බවට ඇතිවූ වැරදි වැටහීමකින් වෛද්‍යවරියක ගිලන් රථයකින් පැනීමේ සිද්ධියක් නෙළුම්කුලම පොලිසියෙන් වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් ගිලන් රථ රියැදුරකු සහ රෝහල් සේවකයකු අත්අඩංගුවට ගෙන පසුව මුදා හැරිය බව වවුනියාව නෙලුක්කුලම පොලිසිය කියයි.

වවුනියාව රෝහලට අයත් ගිලන් රථයක් වවුනියාව රෝහලේ සිට වවුනියාව පම්පෙමඩුව ආයුර්වේද රෝහලේ නේවාසික රෝගී සම්බාහන වාට්ටුව වෙත රාත්‍රී ආහාර රැගෙන ගොස් ඇති අතර, ආයුර්වේද රෝහලට ආහාර ලබා දී නැවත පැමිණෙන අවස්ථාවේ රෝහලේ සිටි වෛද්‍යවරියක තමන් වවුනියාව නව බස් නැවතුම්පොළ වෙත ඇරලවන ලෙසට රියැදුරුට සඳහන් කර ගිලන් රථයට ගොඩවී ඇති බව නෙලුක්කුලම පොලිසිය පවසයි.

එහිදී ගිලන් රථ රියැදුරු පම්පෙමඩුව පිහිටි ඉන්ධන පිරවුම්හලකින් ගිලන් රථයට ඉන්ධන පුරවාගෙන වවුනියාව බස් නැවතුම්පොළට යාමට පිටත්ව ඇති අතර, වවුනියාව බස් නැවතුම්පොළ වෙත කෙටි මාර්ගයකින් ගමන් කිරීමට රියැදුරු ගිලන් රථය හරවා ඇතැයි ද පැවැසේ.

ඒම අවස්ථාවේ සුපුරුදු මාර්ගයෙන් ගිලන් රථය ගමන් නොකිරීම හේතුවෙන් ආයුර්වේද වෛද්‍යවරිය බියවී ගිලන් රථයෙන් එළියට පැන තමන් පැහැරගෙන යාමට කටයුතු කරන බවට කෑ ගසා ඇති බව පාලිය කියයි

සිද්ධිය වූ අවස්ථාවේ මාර්ගයේ සිටි පිරිසක් ගිලන් රථ රියැදුරා හා සේවකයා රථයෙන් බස්සවා අල්ලාගෙන ඇති අතර සිදුවීම පිළිබඳ සිතාගැනීමට නොහැකිව රියැදුරුගේ ඉල්ලීම මත ප්‍රදේශවාසියකු නෙලුක්කුලම පොලිසිය වෙත දැනුම්දී නිලධාරීන් පැමිණි

පසු විමර්ශනය සඳහා රියැදුරු සහ සේවකයා අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ගොස් ඇත. එහිදි ගිලන් රථ රියැදුරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ තමන් කෙටි මාර්ගයකින් වවුනියාව බස් නැවතුම්පොළ වෙත ගමන් කිරීමට පිටත් වූ බවත් එම අවස්ථාවේ වෛද්‍යවරිය එකවර බියවි කෑ ගසා රථයෙන් බිමට පැන ඇති බවත්යි.

වෛද්‍යවරිය බස්නැවතුම වෙත කෙටි මාර්ගයෙන් රැගෙන යාම සිදු කරන බවට ගිලන් රථයේ රෝහල් සේවකයා ද්‍රවිඩ භාෂාවෙන් ගිලන්රථ රියැදුරුට පවසා මාර්ගය පිළිබඳ ප්‍රකාශ කිරීමේදී සිංහල පමණක් දන්නා වෛද්‍යවරිය එය තේරුම් ගැනීමට නොහැකිව වරදවා තේරුම් ගෙන කෑ ගසා ඇති බවට විමර්ශනවල දී අනාවරණය වූ බවත් පොලිසිය කියයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026