Skip to content
V
වායු දූෂණයෙන් වසරකට ලොව පුරා පුද්ගලයින් ලක්ෂ 70ක් මියයන බව අනාවරණය වේ
featured news - උණුසුම් පුවත්

වායු දූෂණයෙන් වසරකට ලොව පුරා පුද්ගලයින් ලක්ෂ 70ක් මියයන බව අනාවරණය වේ

By News Room · 6 February 2025

වායු දූෂණයත් සමග ඇති වන විවිධ රෝගාබාධ හේතුවෙන් ලොව පුරා මිය යන පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා පැවසුවේ, වසරකට ලොව පුරා පුද්ගලයින් ලක්ෂ 70ක පමණ පිරිසක් වායු දූෂණය හේතුවෙන් ඇති වන ශ්වසන රෝගාබාධ මත මිය යන බවට සිදුකළ සමීක්ෂණවලින් අනාවරණය වී ඇති බවය.

මේ අතර වායු දූෂණය නිවැරදි ලෙස කළමනාකරණය කිරීමට නොහැකි වුවහොත් ආර්ථිකමය වශයෙන් ද බලපෑම් එල්ල විය හැකි බව විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා පැවසුවේය.

"දැනට විද්‍යාත්මක පරීක්ෂණ 70,000ක පමණ ආශ්‍රයෙන් කරපු පරීක්ෂණවලින් ඔප්පු වෙලා තියෙනවා ලක්ෂ 70ක් ජනතාව තමන් මියයන්න ඕන කාලෙට වඩා කලින් වායු දුෂණය නිසා මිය යනවා කියලා. ඒ වගේම අපේ ගෙවල් ඇතුළේ වායු දුෂණය වීමත් ගොඩක් වෙලාවට බලපානවා විවිධ රෝගාබාධ ඇති වීම සඳහා සහ ඇතිවුණ රෝගාබාධ වැඩිදියුණු වීම සඳහා හා පාලනයවීම දුර්වල වීම සඳහා. උදාහරණයක් හැටියට සමහර සංඝටක පෙනහළුවලට ගියාම පිළිකා ඇති වීමේ ප්‍රවණතාවය වැඩියි. දුම් පානයට කළ අයගේ මේ තත්ත්වය දැකලා තිබුණත් දැන් දුම් නොබොන අයගේ සහ කාන්තාවන්ගේ වායු දුෂණය නිසා මේ තත්ත්වය වැඩි වීමට හේතුවෙන බව සොයා ගෙන තිබෙනවා."

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026