Skip to content
V
වේයන්ගොඩ පොලිස් ස්ථානයේ ගින්නක්
featured news - උණුසුම් පුවත්

වේයන්ගොඩ පොලිස් ස්ථානයේ ගින්නක්

By News Room · 31 December 2024

වේයන්ගොඩ පොලිස් ස්ථානයේ අබිලි ද්‍රව්‍ය ගොඩ ගසා තිබූ කාමරයක අද (31)  දහවල් ඇති වූ ගින්නකින් එම ගබඩාවේ තිබූ සියලු අබිලි ද්‍රව්‍ය හා පැරණි ලිපි ලේඛන විනාශයට පත් වී ඇති බව පොලීසිය කියයි. එමෙන්ම රථවාහන අංශය, ප්‍රජා පොලිස් ඒකකය, ළමා හා කාන්තා කාර්යාංශය, පරිසර ඒකකය පවත්වාගෙන ගිය කාමරවලටද සුළු වශයෙන් අලාභ සිදුවී ඇති බව වේයන්ගොඩ පොලිසිය කියයි.

මෙම ගින්න හේතුවෙන් පොලිස් නිලධාරීන් හෝ වෙනත් කිසිවකුට කිසිදු හානියක් සිදු වී නැත. මෙම ගබඩා කාමරයේ කලක් තිස්සේ භාවිතයෙන්  ඉවත දමන ලද පොත් පත්, මෙට්ට, සහ අබලි ද්‍රව්‍ය ගොඩගසා  තිබී ඇත.

මෙම කාමරය පිහිටි ගොඩනැගිල්ලෙහි හටගත් ගින්නෙන් එම ගබඩාවේ දමා තිබූ සියලුම දේපළ පාහේ සම්පූර්ණයෙන්ම විනාශයට පත් වී තිබිණි. මෙම ගින්න හේතුවෙන් රථවාහන අංශය, ප්‍රජා පොලිස් ඒකකය, පරිසර ඒකකය සහ ළමා හා කාන්තා කාර්යාංශය පවත්වාගෙන ගිය කාමරවල ද දොර ජනෙල්, පොත්පත්වලටද සුළු වශයෙන්ව හානි සිදු වී තිබිණි වහලයේ සෙවිලි තහඩු  12 ක් ගිනි ගැනීමට ලක් වී ඇත. ගම්පහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ කැඳවා  වහාම ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරනු ලැබීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026