Skip to content
V
වියට්නාමය කැළඹූ 'යාගී'
featured news - උණුසුම් පුවත්

වියට්නාමය කැළඹූ 'යාගී'

By News Room · 10 September 2024

චීනයත්, පිලිපීනයත් පසු කරමින්, පැයට කිලෝ මීටර් 203 ක වේගයකින් හමා ආ ‘යාගී’ සුළි කුණාටුව හේතුවෙන් වියට්නාමයේ 60 ක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබූ ගණන 240 ක් බව පැවැසෙයි.

හැනොයි අගනුවර අයත් හැනොයි පළාත ඇතුළු පළාත් 12 කට සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වුණු අතර, වැඩියෙන්ම බලපෑම් එල්ල වූයේ උතුරුදිග පළාත්වලටය.

සුළි කුණාටුවේ බලපෑමෙන්, උතුරුදිග වියට්නාමයේ වියට්නාමයේ රතු නදියට ඉහළින් ඉදි කළ පාලමක එක් කොටසක් සම්පූර්ණයෙන් කඩා වැටුණි. එම අවස්ථාවේ, පොංග් චෝ නමැති එම පාලමේ ගමන් කරමින් තිබුණු මෝටර් රථ 10 ක් සහ යතුරුපැදි දෙකක් පහළ රතු ගංගාවට වැටුණු බවත්, මෝටර් රථ සහ යතුරුපැදිවල ගමන් කරමින් සිටි 13 දෙනෙකු අතුරුදන් බව පැවැසෙයි. පාලම කඩා වැටුණේ මහා ජල කඳකින් රතු ගංගාව පිටාර ගලද්දීය.

මේ වනවිට, සුළි කුණාටුව හේතුවෙන් දහස් ගණනකට උන්හිටිතැන් අහිමිවී ඇති බවත්, මේ වනවිට මිලියන 1.5 ක් වියට්නාම වැසියන් පිරිසක් විදුලි බලය නොමැතිව පීඩාවට පත්වී සිටින බවත් වාර්තා වේ. වෙරළාශිත අනතුරුදායක ප්‍රදේශවල ජීවත් වුණු 50,000 ක් ද ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ.

‘යාගී’ චීනය සහ පිලිපීනය පසු කරද්දී, චීනයෙන් සහ පිලිපීනයෙන් මරණ 24 ක් වාර්තා විය. වසර 30 කට පසු වියට්නාමයට කඩා වැදුණු ප්‍රචණ්ඩතම සුළි කුණාටුව වන්නේ ‘යාගී’ යැයි ද පැවැසෙයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026