Skip to content
V
වියට්නාමයට බලපා ඇති ගංවතුරින් පුද්ගලයින් 41ක් ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

වියට්නාමයට බලපා ඇති ගංවතුරින් පුද්ගලයින් 41ක් ජීවිතක්ෂයට

By News Room · 21 November 2025

මධ්‍යම වියට්නාමයට ඇදහැලෙන අධික වර්ෂාවෙන් බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 41දෙනෙකු මිය ගොස් තිබේ. මේ හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයින් 9දෙනෙකු සොයා සෝදිසි මෙහෙයුම් සිදුකෙරෙන බව එරට මාධ්‍ය වාර්තා කළේය. ජල ගැලීම්වලින් නිවාස 52,000කට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යට වී ඇති අතර නිවාස විශාල ප්‍රමාණයකට විදුලිය විසන්ධි වී ඇති බව සඳහන්ය.

මධ්‍යම වියට්නාමයට එළැඹන ඉරිදා දක්වා තද වැසි ඇදහැලෙන බවට බලධාරීන් අනතුරු අඟවා තිබේ. ගෙවුණු කාලවකවානුව තුළ වියට්නාමයට බලපෑ අයහපත් කාලගුණය සහ කල්මේගි සුළි කුණාටු මඟින් විශාල බලපෑම් එල්ල වී තිබුණි.

වියට්නාම රජය එරට මාධ්‍යට ප්‍රකාශ කර ඇත්තේ, ස්වභාවික විපත් මඟින් මෙම වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ ඩොලර් බිලියන 2කට වැඩි හානියක් සිදුවී ඇති බවය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026