Skip to content
V
විමල් මහ මැතිවරණයට තරග නොකරන බව කියයි
featured news - උණුසුම් පුවත්

විමල් මහ මැතිවරණයට තරග නොකරන බව කියයි

By News Room · 10 October 2024

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික නිදහස් පක්ෂය තරග නොකරන බව එහි නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, අනුර දිසානායක ජනාධිපතිවරයා "දෙවන - ගෝඨාභය" බවට පත්කිරීම සඳහා රටට හතුරු අධිරාජ්‍ය න්‍යාය පත්‍රයට සේවය කරන යම් විපක්ෂ බලවේගවලට උවමනාවක් තිබෙන බවට සැකයක් නොමැති බවය.

එහෙත් තම පක්ෂය එම උවමනාව නියෝජනය කරමින් රට තවදුරටත් අර්බුදයට ගොදුරු කිරීමට දායක නොවන බව ද ඉතා වගකීමෙන් යුතුව පවසන බව විමල් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ. 

වීරවංශ මහතා සිය නිවේදනයේ පිටපත් මහා සංඝරත්නය, මැතිවරණ කොමසමේ සභාපති සහ සියලු දේශපාලන පක්ෂ වෙත යොමුකර ඇති බව සඳහන් ය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026