Skip to content
V
වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට
featured news - උණුසුම් පුවත්

වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

By News Room · 26 June 2026

වෙනිසියුලාවේ අගනුවර ආසන්නයේ සිදු වූ ප්‍රබල භූමිකම්පා දෙකකින්, මිය ගිය සංඛ්‍යාව මේ වන විට 235 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 4,300කට අධික පිරිසක් මේ හේතුවෙන් තුවාල ලබා ඇති අතර, තවදුරටත් සුන්බුන් අතර සිටින පිරිස් සොයා සහන කණ්ඩායම් මෙහෙයුම් සිදු කරන බවයි සඳහන් වෙන්නේ.

එක්සත් ජනපද භූවිද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව, මුලින්ම රික්ටර් මාපකයේ 7.2 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් හටගත් අතර, ඉන් තත්පර කිහිපයකට පසු, ඊටත් වඩා ප්‍රබල රික්ටර් මාපකයේ 7.5 ක භූමිකම්පාවක් සිදු ව තිබුණා.

වෙනිසියුලාවේ අන්තර්කාලීන ජනාධිපතිනි Delcy Rodríguez විසින් එරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ අතර, මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව වෙනිසියුලානු ජාතික මණ්ඩලයේ සභාපති Jorge Rodríguez ප්‍රකාශ කළා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026