Skip to content
V
වෑන් රියකින් පැමිණි පුද්ගලයෙක් පාසල් සිසුවියක් පැහැරගනී
featured news - උණුසුම් පුවත්

වෑන් රියකින් පැමිණි පුද්ගලයෙක් පාසල් සිසුවියක් පැහැරගනී

By News Room · 12 January 2025

රුපියල් ලක්ෂ පණහක මුදලක් ඉල්ලා වෑන් රථයකින් පැමිණ පුද්ගලික අධ්‍යාපන ආයතනයකට යමින් සිටි දහ අට හැවිරි ගැහැණු ළමයෙකු පැහැරගෙන යාමක් සම්බන්ධයෙන් උඩුනුවර දවුලගල පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ ගම්පොළ මරියාවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 18යි මාස හයක් වු පාසල් සිසුවියකි. ඇය අපොස උසස් පෙළ විද්‍යා අංශයෙන් හැදෑරීම සඳහා දවුලගල කැටකුඹුර අම්බර පොල පුද්ගලික අධ්‍යාපන ආයතනයකට යන බව පැවසේ.

මෙම පැහැර ගැනීමට සම්බන්ධව ඇත්තේ ගම්පොළ කහටපිටිය බැබිල ප්‍රදේශයේ පදිංචි තිස් එක් හැවිරිදි අයකු බවත් ඔහු දැරියගේ පියාගේ සහෝදරියකගේ පුත්‍රයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. මෙම දැරියගේ සහ එම සැකකාර තරුණයාගේ විවාහය සඳහා දෙපාර්ශවයේ කැමැත්ත මුලින් ප්‍රකාශ කර තිබී ඇති අතර පසුව දැරියගේ පියා විසින් අකමැත්ත ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව, ඇතිවූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් සැකකරු විසින් මෙම දැරිය පැහැරගෙන ගොස් ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනය අනුව අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. කෙසේ වෙතත් පොලීසිය සඳහන් කළේ දැරිය සොයා ගැනීමට සහ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 03 ක් විමර්ශන ආරම්භ කර ඇති බවය.

පොලීසිය පැවසුවේ පාසල් සිසුවිය දවුලගල, හන්දෙස්ස ප්‍රදේශයේ නේවාසිකව රැඳී සිට ඇති අතර ඊයේ (11) උදෑසන කාලයේ ඇය සිය මිතුරියක සමග පාසලට පිටව යමින් සිටිය දී මෙම පැහැරගැනීම සිදුකර ඇති බවය.

ඒ සම්බන්ධයෙන් දවුලගල පොලීසිය සිදුකළ විමර්ශන අනුව පැහැර ගැනීමේ සිද්ධියට අදාළ වෑන් රථය ඊයේ දිනයේදීම පොළාන්නරුව ප්‍රදේශයේ දමාගොස් තිබියදී පොළොන්නරුව පොලීසිය විසින් සොයාගෙන තිබුණි. ඒ අනුව අදාළ වෑන් රථයේ රියදුරුව අද (12) ගම්පොළ ප්‍රදේශයේදී දවුලගල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026