Skip to content
V
වෝන් මුරලි කුසලාන ටෙස්ට් තරගාවලියේ ජය ඕස්ට්‍රේලියාවට
featured news - උණුසුම් පුවත්

වෝන් මුරලි කුසලාන ටෙස්ට් තරගාවලියේ ජය ඕස්ට්‍රේලියාවට

By News Room · 9 February 2025

සංචාරක ඔස්ට්‍රේලියා - ශ්‍රී ලංකා වෝන් මුරලි කුසලාන ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා. ඒ අද (09) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති අවසන් ටෙස්ට් තරගයේදී කඩුළු 09කින් ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින්. පළමු ටෙස්ට් තරගය ද ඔස්ට්‍රේලියාව ජයගැනීමට සමත් වූ අතර, දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදෙනු ලැබුවා.

ලංකා කණ්ඩායම සිය පළමුවැනි ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 257ක් රැස් කළ අතර, එම ලකුණු ප්‍රමාණයද අභිබවායමින් ඔස්ට්‍රේලියාව පළමු ඉනිමට කඩුළු සියල්ල දැවී ලකුණු 414ක් රැස් කළා. එහිදී ඔස්ට්‍රේලියානු පළමු ඉනිමට Travis Head ලකුණු 21ක්ද, Usman Khawaja ලකුණු 36ක්ද, Marnus Labuschagne ලකුණු 04ක්ද, අගනා පිතිකරණයක නිරත වූ නායක Steven Smith ලකුණු 131ක්ද, Alex Carey ලකුණු 156ක්ද රැස් කළා.

පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය කඩුළු 05ක්ද, නිශාන් පීරිස් කඩුළු 03ක්ද, රමේෂ් මෙන්ඩිස් කඩුළු 02ක්ද ශ්‍රී ලංකාව වෙනුවෙන් දවා ගත්තා. දෙවැනි ඉනිමට ඒ අනුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 231ක් රැස් කළ අතර, එය ඔස්ට්‍රේලියා පළමු ඉනිමට වඩා ලකුණු 74ක් ඉදිරියෙනුයි.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි ඉනිමේදී පැතුම් නිස්සංක ලකුණු 08ක්ද, සිය අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩාකරනු ලබන දිමුත් කරුණාරත්න ලකුණු 14ක්ද, දිනේෂ් චන්දිමාල් ලකුණු 12ක්ද, කමිඳු මෙන්ඩිස් ලකුණු 14ක් සහ නායක ධනංජය ද සිල්වා ලකුණු 23ක්ද, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 76ක්ද, කුසල් මෙන්ඩිස් ලකුණු 50ක්ද, ප්‍රභාත් ජයසූරිය ලකුණු 06ක්ද, ළහිරු කුමාර ලකුණු 09ක්ද, නිශාන් පීරිස් නොදැවී ලකුණු 04ක්ද රැස් කළා.

අනතුරුව ලකුණු 74ක තරම් පහසු ඉලක්කයක් සහිතව දෙවැනි ඉනිමට පන්දුවට පහරදීමට පැමිණි ඔස්ට්‍රේලියාව පන්දුවාර 17යි පන්දු 04ක් අවසානයේ කඩුළු 01 පමණක් දැවී ලකුණු 75ක් රැස් කරමින් වෝන් මුරලි කුසලානය තමන් සතු කර ගැනීමට සමත් වුණා.

එහිදී පන්දුවට පහරදුන් Usman Khawaja නොදැවී ලකුණු 27ක්ද, Marnus Labuschagne නොදැවී ලකුණු 26ක්ද රැස් කළ අතර, Travis Head ලකුණු 20ක් රැස් කරගෙන සිටියදී ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් හමුවේ දැවී ගියා. ඒ අනුව තරග දෙකකින් සමන්විත තරගාවලිය අපරාජිතව ජය ගත්තේ ඔස්ට්‍රේලියාවයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026