Skip to content
V
විදේශීය සිසුන් සීමා කිරීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කරයි
featured news - උණුසුම් පුවත්

විදේශීය සිසුන් සීමා කිරීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කරයි

By News Room · 27 August 2024

එළඹෙන 2025 නව වසර සඳහා ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල සඳහා බඳවා ගන්නා විදේශීය සිසුන් ප්‍රමාණය සීමා කිරීමට එරට රජය කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව, නව වසර සඳහා විදේශීය සිසුන් බඳවා ගැනීමේ සංඛ්‍යාව 270,000කට සීමා කරන බවයි ඕස්ට්‍රේලියානු රජය සඳහන් කරන්නේ.

වාර්තාගත ලෙස විදෙස් සිසුන්ගේ පැමිණීම නිසා එරට නිවාස කුලී මිල ද ඉහළ ගොස් ඇති බවයි ඔවුන් පවසන්නේ.

එමෙන්ම කොවිඞ් වසංගත කාලය තුළ සිසුන් සඳහා විවිධ සහන සැලසුවද වසංගතයෙන් පසු මේ වනවිට එරට විශ්ව විද්‍යාලවල විදේශීය සිසුන් සියයට 10කින් පමණ වැඩි බවයි වාර්තා වෙන්නේ.

මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, එරට රජය ඔවුන්ගේ නිශ්චිත ඇතුළත් වීමේ සීමාවන් පිළිබඳව ඉදිරියේදී විශ්ව විද්‍යාල දැනුවත් කරන බවයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026