Skip to content
V
විදේශීය දුම්වැටි තොගයක් රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට
featured news - උණුසුම් පුවත්

විදේශීය දුම්වැටි තොගයක් රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට

By News Room · 14 September 2024

රුපියල් කෝටි දෙකක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ විද්‍යුත් දුම්වැටි නැවත පුරවා ගැනීම සදහා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් විසින් අද (14) අලුයම අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු කොළඹ - 10 ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක් වන අතර ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද අලුයම 05.30 ට පැමිණ තිබුණි .

මෙම දුම්වැටි සහ විද්‍යුත් දුම්වැටි නැවත පිරවීම සදහා යොදන රසායනික ද්‍රව්‍ය තොගය සමග ඒවා නීතිවිරෝධී ලෙස රැගෙන ආ පුද්ගලයා අත් අඩංගුවේ තබා ගෙන කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026