Skip to content
V
විදේශිකයින් සඳහා වන රියදුරු බලපත්‍ර ගාස්තු සංශෝධනය කරයි
featured news - උණුසුම් පුවත්

විදේශිකයින් සඳහා වන රියදුරු බලපත්‍ර ගාස්තු සංශෝධනය කරයි

By News Room · 20 November 2025

විදේශිකයින් සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී අය කරන ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

අමාත්‍ය බිමල් රත්නායක විසින් ඊට අදාළව ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, විදේශ පුරවැසියෙකුට මාසයක කාලසීමාවක් සඳහා තාවකාලික රියදුරු බලපත්‍රයක් ලබාගැනීමේ දී මෙතෙක් අය කළ රුපියල් 2,000ක මුදල රුපියල් 15,000 දක්වා ඉහළ නංවා ඇති බවයි.

මාසයකට වැඩි සහ මාස දෙකක් දක්වා කාලසීමාව සඳහා රියදුරු බලපත්‍රයක් ලබාදීමේ අය කරන මුදල රුපියල් 21,000ක් වන අතර මාස දෙකකට වැඩි සහ මාස 6ක් දක්වා කාලසීමාවක් සඳහා රියදුරු බලපත්‍ර ලබාදීමේදී අය කරන මුදල රුපියල් 30,000ක් බව එහි සඳහන්.

මාස 6කට වැඩි සහ මාස 12ක් දක්වා කාලසීමාවක් සඳහා විදේශ පුරවැසියෙකුට තාවකාලික රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට අය කරන මුදල රුපියල් 45,000ක් වන බවයි ප්‍රවාහන, මහමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ.

ඊට අමතරව විදේශ පුරවැසියෙකුට රියදුරු බලපත්‍රයක් අලු‍ත් කිරීම සඳහා අය කරන මුදල රුපියල් 15,000ක් වන අතර රියදුරු බලපත්‍රය විනාශ වී හෝ හානී වී ඇත්නම් එම රියදුරු බලපත්‍රයේ අනු පිටපතක් නිකුත් කිරීම සඳහා අයකරනු ලබන ගාස්තුව රුපියල් 15,000ක් දක්වා වැඩිකර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026