Skip to content
V
විදේශිකයන් දෙදෙනෙක් රැගත් ත්‍රීරෝද රථයක් අනතුරකට පත්වෙයි
featured news - උණුසුම් පුවත්

විදේශිකයන් දෙදෙනෙක් රැගත් ත්‍රීරෝද රථයක් අනතුරකට පත්වෙයි

By News Room · 20 February 2025

නුවරඑළිය සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා විදේශිකයන් දෙදෙනෙකු ප්‍රවාහනය කරමින් සිටි ත්‍රිරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වු යතුරුපැදිය ගැටී අනතුරට ලක්ව තිබේ. අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික්ක මහ රෝහලට ඇතුළත් කළ බව නානුඔය පොලීසිය පැවසීය.

අනතුර සිදු වී ඇත්තේ, අද (20) උදෑසන 8ට පමණ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ග නානුඔය, බංගලා හත ප්‍රදේශයේ දීය. යතුරුපැදිය ඉදිරියෙන් ධාවනය වු බස් රථයකට අපරීක්ෂාකාරී ලෙස ඉස්සර කිරීමට උත්සහ දැරීමේ දී ත්‍රිරෝද රථයේ ගැටී අනතුර සිදුව තිබුණි.

අනතුර සිදුවෙනවාත් සමග ත්‍රිරෝද රථය මාර්ගයේ නවතා තිබූ ජීප් රථයක ද ගැටී තිබේ. අනතුරෙන් විදේශිකයන් දෙදෙනාට අනතුරක් සිදුවී නොමැති අතර, අනතුරෙන් ත්‍රිරෝද රථයට සහ යතුරුපැදියට දැඩි අලාභ හානි සිදු වී ඇත.

විදේශිකයන් දෙදෙනා නුවරඑළිය ප්‍රදේශයේ සංචාරය කර නානුඔය දුම්රිය ස්ථානය සිට ඇල්ල දක්වා යාමට ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිට ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026