Skip to content
V
විදුලි සැර වැදී පාසල් සිසුවියක් මරුට
featured news - උණුසුම් පුවත්

විදුලි සැර වැදී පාසල් සිසුවියක් මරුට

By News Room · 4 January 2025

විදුලි සැර වැදී මියගිය බව කියන 14 හැවිරිදි පාසල් සිසුවියක් පිළිබඳව හසලක, තෝරපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි. එලෙස මියගොස් ඇත්තේ, හසලක තෝරපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි මෙත්මි  සිතුම් කුමාරි නැමැති පාසල් ශිෂ්‍යාවකි.

ඇය හසලක ප්‍රදේශයේ පාසලක 09 ශ්‍රේණිය ඉගෙනුම ලබන සිසුවියකි. ඇය මවගෙන් දුරකථනය ඉල්ලාගෙන ඇගේ කාමරයට ගොස් ඇති අතර ඊට සුළු මොහොතකට පසු ඇගේ කාමරයෙන් කෑගසන හඬක් ඇසී තිබේ. එම හඬ ඇසුණු ඇගේ මව සහ පියාත්, වැඩිමහල් සහෝදරියත් කාමරයට ගොස් බලන විට ඇය නිදාගන්නා යකඩ ඇඳ අල්ලාගෙන කෑ ගසමින් සිටිනු දැක ඇත.

පසුව මරණකාරියගේ සීයා ඇඳ ළඟ තිබූ විදුලි සම්බන්ධතාව විසන්ධිකර තිබේ. ඉන්පසු ඇය හසලක රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී මහියංගන රෝහල වෙත මාරුකර යවා තිබුණි. පසුව ඇය මහියංගන රෝහලේදී මියගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ හසලක පොලීසිය විසින් සිදුකරයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026