Skip to content
V
විදුලි සැර වැදී කාන්තාවක් සහ කුඩා දරුවෙකු ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

විදුලි සැර වැදී කාන්තාවක් සහ කුඩා දරුවෙකු ජීවිතක්ෂයට

By News Room · 6 March 2025

සූරියවැව රන්දියගම ප්‍රදේශයේ දී කාන්තාවක් සහ ඇයගේ කුඩා පුතු විදුලි සැර වැදි මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි සිව්දරු මවක් වන එනෝෂා හර්ෂණී සහ අවුරුදු 5ක් වයසැති ගඟන ඉඳුවර නැමැති ඇයගේ පුංචි පුතුයි. ඊයේ (05) සවස මෙම පුංචි පුතු පෙර පාසල් ගොස් පැමිණ නිවස පිටුපස ප්‍රදේශයේ සිය කුඩා පාපැදිය පදිමින් සෙල්ලම් කරමින් සිට ඇත.

එම අවස්ථාවේ නිවස ආසන්නයේ පිහිටි ඉඩමේ ඇති බේකරියක සහ නවතා තිබූ ලොරි රථයක ආරක්ෂාවට නීතිවිරෝධි ලෙස ඇඳ තිබූ විදුලි කම්බියක මෙම සිඟිත්තා පැටලී තිබේ. මිඳුලේ සෙල්ලම් කරමින් සිටි පුතු ගැන සොයාබැලීමට එම ස්ථානයට ගිය මව, සිය පුතු විදුලි කම්බියේ පැටලී ඇති බව දැක කෑ ගසමින් පුතු බෙරා ගැනීමට උත්සාහ දරා ඇත.

එහිදී මවට ද විදුලි සැර වැදී ඇති අතර ඔවුන් දෙදෙනාම එම ස්ථානයේදීම මියගොස් ඇති බව අනාවරණය වී තිබේ.

පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ නීතිවිරෝධීව ඇද තිබූ අනාරක්ෂිත විදුලි කම්බියේ විදුලිය ඒ වන විටත් විසන්ධි කර නොතිබුණු බවය. මේ සම්බන්ධයෙන් සූරියවැව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026