Skip to content
V
විදුලි බිලත් ඉහළ යන ලකුණු
featured news - උණුසුම් පුවත්

විදුලි බිලත් ඉහළ යන ලකුණු

By News Room · 24 February 2025

පවතින වියළි කාලගුණ තත්ත්වය ඉදිරියටත් පැවතියහොත් විදුලි ගාස්තු ඉහළ දැමීමට සිදුවිය හැකි  බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි.

ජාතික ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් ඉංජිනේරු හමුවට ඊයේ (23) එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේය.

"විදුලි ගාස්තු 20%කින් අඩුකළා. පෑව්වොත් එහෙම බොහෝවිට වැඩිකරන්න ඉඩ තියෙනවා. අපිට පිරිවැය ලෙස යන්නේ ලාභ හෝ ඉතිරි ලෙස නොවෙයි. අපිට පවත්වාගෙන යන්න නම් සංශෝධනවලට යන්න වෙනවා ඉතින් අපි ඒකට කැමති නැහැ. විදුලිබල මණ්ඩලය බිලියන 140 ගණනක් ලාභයි කියලා හැමදාම කියනවා. හැමදාම ඒ බොරුව කියනවා. විදුලිබල මණ්ඩලයේ ලාභ නෙමයි ඉතිරියක් එනවා කාර්තුවෙන් කාර්තුවට මිල වෙනස් කිරීමේදී. පෙර මාස 06 ඉතුරුව ඊළඟ මාස 06ට ගන්නවා ඒ තුළින් තමයි අනාවැකියක් කියන්නේ. ඒ අනාවැකිය කියනකොට අර ඉතුර ටික වියදම් කරලා තමයි ගන්නේ. එතකොට අවුරුද්ද අවසානයේ ලාභයක් ඉතුරුවෙන්නේ නැහැ. 140 ගාණක් ගිය වසරේ තිබිලා තියෙනවා ඒක අන්තර්ගත වෙලා තියෙනවා වියදම්වලට. එකෙන් 46යි ඉතුරුවෙලා මේකට ආවේ. ඒ 46 මේකට අන්තර්ගත කළාම බිලින 42ක විතර පාඩුවෙනවා මේ මාස 06 ගියාම. ඊටත් වැඩිවෙයි මේ පෑවිල්ල වැඩි වුණාම."

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026