Skip to content
V
වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම්
featured news - උණුසුම් පුවත්

වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම්

By News Room · 28 January 2025

දිවයින පුරා අතිරේක කණ්ඩායම් ද යොදවා වැඩි මිලට සහල් අලෙවිකරණ වෙළදුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සිදුකරන වැටලීම් තවදුරටත් අඛණ්ඩවම ක්‍රියාත්මක වන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එම අධිකාරිය පැවසුවේ අද (28) දිනයේදී මහනුවර දිස්ත්‍රික්කය ආවරණය කරමින් මහනුවර නගරය  සහ අවට ප්‍රදේශ ඇතුළු මාවනැල්ල, පේරාදෙණිය, ගෙලිඔය, ගම්පොල, උදුපුස්සලාව, නාවලපිටිය, උලපනේ, තැන්නේ කුඹුර, කුණ්ඩසාලේ, දිගන, කඩුගන්නාව යන ප්‍රදේශ ආවරණය කරමින් වැඩි මිලට සහල් අලෙවිකරණ වෙළදුන් සොයා අතිරේක කණ්ඩායම් 05ක් ද යොදවා විශේෂ වැටලීම් ක්‍රියාත්මක කළ බවය.

එහිදී වැඩි මිලට සහල් අලෙවි කළ සමාගම් දෙකක් ඇතුළු වෙළදුන් 25 දෙනෙකු සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට එම අධිකාරිය කටයුතු කර ඇත. 

පසුගිය දිනවල පමණක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් සහල් වැඩි මිලට අලෙවි කල වෙළදුන් 170 කට වැඩි ප්‍රමාණයක් වැටලීම් සිදුකළ අතර අද දිනයේදී සිදුකරන ලද නඩු පැවරීම්වල දී වැඩි මිලට සහල් අලෙවිකළ පිටකොටුව ප්‍රදේශයේ සමාගමක් වරද පිළිගැනීමෙන් පසුව රුපියල් 750,000.00  ක දඩ මුදලක් සහ පිටකොටුව ප්‍රදේශයේ තනි පුද්ගල ව්‍යාපාර 3ක් සදහා  එක් ව්‍යාපාරිකයෙකුට රුපියල් 250,000.00 බැගින් ද මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් දඩ නියම කරන ලදී. 

තවද මාතර දිස්ත්‍රික්කයේ වෙ‍ෙළඳුන් 10 දෙනෙකු අධිකරණවලට ඉදිරිපත් කරනු ලැබීමෙන් පසුව එක් ව්‍යාපාරිකයෙකුට රුපියල් ලක්ෂය බැගින් මොරවක මහෙස්ත්‍රාත් අධිකරණය මගින් දඩ නියම කර තිබේ.

ඒ අනුව පසුගිය දිනවල සහ අද දිනයේදී සිදුකරන ලද නඩු පැවරීම්වලට අදාලව පමණක් සහල් වැඩි මිලට අලෙවිකරණ ලද වෙ‍ෙළඳුන්ට රුපියල් මිලියන 6.5 කට අධික දඩ මුදල් අදාළ අධිකරණ මගින් නියම කර ඇති අතර තවදුරටත් සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙදුන් සොයා විමර්ශන ක්‍රියාත්මක කරන බවද එම අධිකාරිය වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026