Skip to content
V
වැඩිම අපනයන ආදායම රෙදිපිළි සහ ඇඟලුම්වලින්
featured news - උණුසුම් පුවත්

වැඩිම අපනයන ආදායම රෙදිපිළි සහ ඇඟලුම්වලින්

By News Room · 15 September 2024

පසුගිය ජූලි මාසයෙන් අවසන් වූ මාස හත තුළදි අපනයන ආදායම 5.6% කින් සහ ආනයන වියදම 9.1% කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව පසුගිය වසරේ ජූලි මාසයේ පැවති ඩොලර් මිලියන 367ට සාපේක්ෂව මෙම වසරේ ජූලි මාසයේදී ඩොලර් මිලියන 604 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.

වැඩිම ආනයන වියදමක් දරා ඇත්තේ ඉන්ධන සඳහා වන අතර, එය ඩොලර් මිලියන 2,548 යි දශම එකක්.

රෙදිපිළි සහ රෙදිපිළි උපාංග සඳහා වැය කර ඇති මුදල ඩොලර් මිලියන 1,607ක්. බෙහෙත් සහ ඖෂධීය නිෂ්පාදිත සඳහා ඩොලර් මිලියන ඩොලර් මිලියන 322.9 ක් වැය කර තිබෙනවා.

එමෙන්ම වැඩිම අපනයන ආදායමක් උපයා ඇත්තේ රෙදිපිළි සහ ඇඟලුම්වලින්. එය සටහන් වන්නේ ඩොලර් මිලියන 2,852.7ක් ලෙසටයි. එම කාලසීමාව තුළ තේ අපනයනයෙන් ඩොලර් මිලියන 811.7 ක් උපයා තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026