Skip to content
V
වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයෙකු පත් කරයි
featured news - උණුසුම් පුවත්

වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයෙකු පත් කරයි

By News Room · 2 February 2025

වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස මෙම අධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතා පත් කර ඇත. ඒ අනුව වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීම අද (02) සිදුවිය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු බන්දුල කරුණාරත්න මහතා විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගෙන ඇති අතර, එය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පිළිගෙන ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව නව වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයෙකු පත් කරන තෙක් මෙම පත්වීම වලංගු වනු ඇත. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026