Skip to content
V
විජයමුණි සොයිසාගේ සහයත් රනිල්ට
Politics

විජයමුණි සොයිසාගේ සහයත් රනිල්ට

By News Room · 10 August 2024

සමගි ජන බලවේගයේ කටාන ආසන සංවිධායක ලෙස කටයුතු කල විජයමුණි සොයිසා අද (10) දිනයේදී එක්සත් ජාතික පක්ෂයට එක්වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. 

හිටපු කැබිනට් අමාත්‍යවරයකු හා ඌව මහ ඇමතිවරයා ලෙස ද කටයුතු කර ඇති විජමුණි සොයිසා පසුගිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය යටතේ ගම්පහ දිස්ත්‍රීක්කයට තරඟකර මනාප 35879 ලබාගෙන අංක 6ට පැමිණියේය. ඉදිරියේදී සජබ ගම්පහ මන්ත්‍රී ලයිස්තුවේ යම් පුරප්පාඩුවක් සිදුවුවහොත් මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පත්වීමට නියමිතව ඇත්තේ ද ඔහුය.දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන පරිදි, අද (10) දහවල් 10ට විජයමුණි සොයිසා විසින් බිබිල විජයමුණි සංස්කෘතික මධ්‍යස්ථානය ක්‍රිඩාංගනයේ දී දැවන්ත ජනරැලියක් සංවිධානය කර තිබේ.මෙම ජනහමුවේ වේදිකාවට එජාප, පොහොට්ටු, සජබ ආදී සියලු පක්ෂ වල ජනතා නියෝජිතයන් ගොඩ වදිනු ඇතැයි ද පැවසේ.

Related articles

කිලිනොච්චියේ කළු කොඩි ඔසවද්දී වවුනියාව උත්සවශ්‍රීයෙන් නිදහස සමරයි

කිලිනොච්චියේ කළු කොඩි ඔසවද්දී වවුනියාව උත්සවශ්‍රීයෙන් නිදහස සමරයි

4 February 2026
මුහුණු වහන් ඇවිත් ගඩාෆිගේ පුත්‍රයාට වෙඩි තබා මරා දමලා

මුහුණු වහන් ඇවිත් ගඩාෆිගේ පුත්‍රයාට වෙඩි තබා මරා දමලා

4 February 2026
ජුලී චන්ග් ආපසු යයි

ජුලී චන්ග් ආපසු යයි

7 January 2026
රනිල්ගේ වත්කම් ගැන හඳුන්නෙත්තිට සැකයක්

රනිල්ගේ වත්කම් ගැන හඳුන්නෙත්තිට සැකයක්

23 August 2024