Skip to content
V
'වෝක් ටු පීස්' වොෂින්ටන් නුවරට ළඟාවෙයි
featured news - උණුසුම් පුවත්

'වෝක් ටු පීස්' වොෂින්ටන් නුවරට ළඟාවෙයි

By News Room · 10 February 2026

ජාතීන් සුවපත් කිරීම, එළඹි සිහිය සහ මානව කරුණාවේ බලය විහිදා දැක්වීමේ අරමුණින් යුතුව, බෞද්ධ භික්ෂූන් පිරිසක්, අමෙරිකාව පුරා වැඩම කරමින් පවත්වන 'සාමයේ පාගමන' එනම් 'වෝක් ටු පීස්' මේ වන විට ලෝකයේම අවධානය දිනා ගෙන තිබේ.

පූජ්‍ය පඤ්ඤාකර භික්ෂූන් වහන්සේගේ මූලිකත්වයේ පසුගිය වසරේ ඔක්තෝබර් 26වැනිදා ටෙක්සාස් හි ෆෝට් වෝර්ත් නුවරින් ආරම්භ වූ මෙම පාගමන මෙතරම් ආකර්ෂණයක් දිනාගත්තේ ඔවුන්ගේ සුප්‍රකට ගමන් සගයා වන 'ආලෝකා' නම් වීථි සුනඛයා හේතුවෙනි. කෙසේවෙතත් දින 106ක අසීරු වෙහෙසකර දිගු ගමන නිමා කරමින් 'සාමයේ පාගමන' මේ වනවිට වොෂින්ටන් නුවරට සමීප වී ඇත.

පාගමන අද (10) දිනය තුළ වොෂින්ටන්හි ලින්කන් ස්මාරකය වෙත ලඟා වී, අපේක්ෂාවේ සහ සහෝදරත්වයේ පණිවිඩය නිකුත් කිරීමට නියමිතය. ඉන් අනතුරුව මේරිලෑන්ඩ් ප්‍රාන්තයේ අන්නාපොලිස් වෙත ගමන් කරන පිරිස, සාමයේ පාගමන අවසන් කර නැවත ටෙක්සාස් බලා ගමන් කරනු ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026