Skip to content
V
වසර 4ක් කෝමා තත්ත්වයේ සිටි තායිලන්තයේ ‘පා කුමරිය’ දිවියෙන් සමුගනී
featured news - උණුසුම් පුවත්

වසර 4ක් කෝමා තත්ත්වයේ සිටි තායිලන්තයේ ‘පා කුමරිය’ දිවියෙන් සමුගනී

By News Room · 12 June 2026

තායිලන්තයේ මහා වජිරලොන්කෝන් රජුගේ වැඩිමහල් දියණිය වූ බජ්රකිටියාබා නරේන්දිරා දෙබ්යාවතී කුමරිය අභාවප්‍රාප්ත වූ බව රාජකීය මාළිගාව අද (12) නිවේදනය කළේය.

වසර 4කට ආසන්න කාලයක් කෝමා තත්ත්වයෙන් පසුවූ ඇය මිය යනවිට 47වැනි වියේ පසුවූවාය. 2022 දෙසැම්බර් මාසයේදී එරට සංචාරයක යෙදී සිටියදී හෘදයේ ඇතිවූ රෝගී තත්ත්වයකින් ඇගේ සිහිය නැතිවී ඇති අතර, එතැන් සිට මියයන තෙක්ම ඇය කෝමා තත්ත්වයෙන් පසුවූවාය.

ඇය උදරයේ අභ්‍යන්තර ආසාදනයකින්, අඩු රුධිර පීඩනය, අරිතිමියාව, රුධිර කැටි ගැසීම වැනි රෝගාබාධ රැසකින් පීඩාවිඳ ඇත. පා කුමරිය ලෙස ජනප්‍රිය වූ බජ්‍රකිටියාබා, 1978 දෙසැම්බර් 7 වන දින එවකට ඔටුන්න හිමි කුමරු වජිරලොන්කෝන් සහ ඔහුගේ පළමු බිරිඳ වූ සෝම්සවාලි කුමරියට දාව උපත ලැබුවාය. සමාජ ක්‍රියාකාරිනියක වන ඇය කාන්තා සිරකරුවන්ගේ ජීවනෝපායන් වැඩිදියුණු කිරීමට කැපී පෙනෙන සේවාවක් ඉටුකර තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026