Skip to content
V
වසර 34කට පසුව වසාවිලාන් - පලාලි මාර්ගය විවෘතයි
featured news - උණුසුම් පුවත්

වසර 34කට පසුව වසාවිලාන් - පලාලි මාර්ගය විවෘතයි

By News Room · 10 April 2025

පැවති යුදමය තත්ත්වය මත වසර 34ක් පුරා වසා තිබූ වසාවිලාන් - පලාලි මාර්ගය අද (10) උදෑසන යළි විවෘත කිරීමට කටයුතු කර තිබේ.

ඒ ප්‍රදේශවාසීන්ගේ සහ මහජනතාවගේ දැඩි ඉල්ලීම මත බව වාර්තා විය. මෙම මාර්ගය අධි ආරක්ෂක කලාපයක් සහ යුද හමුදා නිල නිවාස හරහා දිවෙන බැවින් ආරක්ෂක හේතුන් මත නීතිරීති මාලාවක් යටතේ මහජනතාවට විවෘත කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව මෙම මාර්ගය මහජනතාවට විවෘත වන්නේ උදෑසන 6 සිට සවස 5 දක්වා පමණි. මෙම මාර්ගය ඔස්සේ ගමන් ගන්නා මගීන් සහ රියදුරන් අවශ්‍ය වූ ඕනෑම මොහොතක දී සිය අනන්‍යතාවය තහවුරු කිරීමට සුදානමින් සිටිය යුතුය.

අදාළ මාර්ගයේ කිසිවිටෙකත් පයින් ගමන් කිරීම හෝ පාපැදියෙන් ගමන් කිරීම තහනම් වන අතර මගී ප්‍රවාහන බස්රථ හැර අනෙකුත් බර වාහන කිසිවක් ධාවනය කළ නොහැකිය. එමෙන්ම කිසිවිටෙකත් රථ වාහන මාර්ගයේ නවතා තැබීමක් හෝ හැරවීමක් සිදුකළ නොහැකිය. කිසිදු මොහොතක ඡායාරූප ගැනීම හෝ පටිගත කිරීම තහනම් බව ද අදාළ මාර්ගයේ සවිකර ඇති පුවරුවේ සඳහන් වේ.

මේ අතර, ධාවනය කළ හැකි උපරිම වේගය පැයට කිලෝ මීටර් 40ක් බව ද දැනුම් දී ඇත. මාර්ගය ආරම්භක ස්ථානයේ මෙම නීතිරීති සඳහන් කරමින් දැන්වීම් පුවරුවක් සවිකර ඇති අතර එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉහත සඳහන් නීතිරීත කඩකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පිවර ගන්නා බවය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026