Skip to content
V
වසර 17කට පසුව ඕස්ට්‍රේලියාව T20  තරගාවලියකින් පළමු වටයෙන්ම ඉවතට
featured news - උණුසුම් පුවත්

වසර 17කට පසුව ඕස්ට්‍රේලියාව T20 තරගාවලියකින් පළමු වටයෙන්ම ඉවතට

By News Room · 17 February 2026

වසර 17කට පසුව පළමු වතාවට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකින් පළමු වටයෙන්ම ඉවතට යාමට  ඔස්ට්‍රේලියාවට සිදුවිය. ඒ අද (17) පල්ලෙකැලේ දී පැවත්වීමට නියමිතව තිබූ සිම්බාබ්වේ - අයර්ලන්තය අතර තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමත් සමඟ තරගය අත්හැර දැමීමට කටයුතු කිරීම හේතුවෙනි. ඒ අනුව, සිම්බාබ්වේ සහ අයර්ලන්තය කණ්ඩායම් දෙකකටම ප්‍රසාද ලකුණ බැගින් හිමිවිය.

එහිදී සිම්බාබ්වේ කණ්ඩායමට හිමි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 5ක් දක්වා ඉහළ ගිය අතර අයර්ලන්තය කණ්ඩායමට හිමි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 3ක් දක්වා ඉහළ ගියේය. එක් තරගයක් පමණක් ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියාවට ප්‍රසාද ලකුණු 2ක් හිමිව ඇත. B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු 6ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුනේ සිටියි. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026