Skip to content
V
වසර 14කට පසු කුසල්ගෙන් වාර්තාවක්
featured news - උණුසුම් පුවත්

වසර 14කට පසු කුසල්ගෙන් වාර්තාවක්

By News Room · 2 January 2025

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර තෙවන සහ අවසන් විස්සයි විස්ස තරගය ලකුණු 07 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර, ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 05 ක් දැවී ලකුණු 218 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී කුසල් ජනිත් පෙරේරා සිය පළමු විස්සයි විස්ස ශතකය වාර්තා කරමින් ලකුණු 101 ක් ලබාගත් අතර, නායක චරිත් අසලංක ලකුණු 46 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් Matt Henry, Jacob Duffy, Zakary Foulkes, Mitchell Santner හා Daryl Mitchell එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළ කඩුලු 07 ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 211 ක් පමණයි. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චරිත් අසලංක කඩුලු 03 ක් හා වනිඳු හසරංග කඩුලු 02 ක් බිඳ හෙළීමට සමත් වුණා. ඒ අනුව, තරග 03 කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026