Skip to content
V
වසරේ භයානකම සුළිකුණාටුව චීනය දෙසට
featured news - උණුසුම් පුවත්

වසරේ භයානකම සුළිකුණාටුව චීනය දෙසට

By News Room · 24 September 2025

වසරේ භයානකම සුළිකුණාටුව ලෙස සැලකෙන 'රාගසා' සුළිකුණාටුව චීනය දෙසට හමායමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

දැනටමත් තායිවානයට වැඩි බලපෑම් එල්ල කර ඇති 'රාගසා' සුළිකුණාටුව හේතුවෙන් එහි පුද්ගලයින් 14 දෙනෙක් මියගොස් පුද්ගලයින් 124 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බව වාර්තා වන්නේ.

ඉහළ යන ගංවතුරෙන් හා සුළි කුණාටුවෙන් මියගිය අයගෙන් වැඩි දෙනෙකු වයෝවෘද්ධ පුද්ගලයින් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ හුවාලියන් ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවලට 700mmකට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබුණු අතර දකුණු හා නැගෙනහිර නගරවලට 500-600mmක වර්ෂාපතනයක් ලැබුණු බව විදෙස් මාධ්‍ය පවසයි.

අද (24) උදෑවන වන විට තායිවානයේ ටෝයුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් 160කට වැඩි ප්‍රමාණයක් අවලංගු කර ඇති අතර, ඇතැම් ප්‍රදේශවල දුම්රිය මාර්ග ද අත්හිටුවා ඇත.

හොංකොං කාලගුණ බලධාරීන් අද (24) ඔවුන්ගේ ඉහළම ටයිෆූන් අනතුරු ඇඟවීම "T10" නිකුත් කළ අතර කුණාටුව චීන භූමියෙන් කිලෝමීටර් 150ක් නිරිත දෙසින් ගමන් කරන විට සිදුවිය හැකි නායයෑම් පිළිබඳව ද අනතුරු අඟවා තිබේ.‍

එරට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ, මහජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතු අතර විනාශකාරී සුළං ගැන සැලකිලිමත් විය යුතු බවද අද දේශීය කාලගුණය නිරන්තරයෙන් අයහපත් වනු ඇති අතර, නිතර නිතර තද වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026