Skip to content
V
වසන්ත මුදලිගේ ඇතුළු 18කට එරෙහි නඩුවකට දින දෙයි
featured news - උණුසුම් පුවත්

වසන්ත මුදලිගේ ඇතුළු 18කට එරෙහි නඩුවකට දින දෙයි

By News Room · 21 October 2024

පසුගිය අරගල සමයේ නීතිවිරෝධී ජනරාශියක් වශයෙන් එක්ව මහජන පීඩාවක් ඇතිවන ආකාරයෙන් කටයුතු කළේ යැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ, පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු සැකකරුවන් 18 දෙනෙකුට අදාළ පරීක්ෂණ සඳහා නීතිපති උපදෙස් ලබාගැනීමට කටයුතු කර ඇතැයි පොලීසිය අද (21) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවූ අතර එහිදී වසන්ත මුදලිගේ ඇතුළු සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

කුරුඳුවත්ත පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට සම්බන්ධ පරීක්‍ෂණ ගොනු, උපදෙස් ලබාගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බව සඳහන් කළේය.  නීතිපති උපදෙස් ලැබීමෙන් අනතුරුව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලීසිය දැනුම් දුන්නේය.  ඉන්  අනතුරුව අදාළ පැමිණිල්ල පෙබරවාරි 10 වනදා කැඳවීමටද අධිකරණය නියම කළේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026