Skip to content
V
වලංගු රියදුරු බලපත්‍ර නොමැතිව ත්‍රීරෝද රථ පදවන විදේශිකයන්ට නීතිමය පියවර
featured news - උණුසුම් පුවත්

වලංගු රියදුරු බලපත්‍ර නොමැතිව ත්‍රීරෝද රථ පදවන විදේශිකයන්ට නීතිමය පියවර

By News Room · 20 November 2025

වලංගු ත්‍රීරෝද රථ රියදුරු බලපත්‍රයක් නොමැතිව මෙරට තුළ ත්‍රීරෝද රථ පදවන විදේශිකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත කොළඹ රථ වාහන මූලස්ථානය නියෝග කර තිබේ.

ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයක් තිබුණද රියදුරු බලපත්‍රයේ අදාළ කාණ්ඩය යටතේ ත්‍රීරෝද පැදවීමට අවසර නොමැති නම් මෙරටට පැමිණෙන විදේශිකයන්ට තාවකාලික ත්‍රීරෝද රථ රියදුරු බලපත්‍රය නිකුත් නොකරනු ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන්ට අදාළ කාණ්ඩය යටතේ ත්‍රීරෝද පැදවීමට අවශ්‍ය නම් මෝටර් රථ දෙපාර්තමේන්තුව හරහා තාවකාලික ත්‍රී රෝද රථ බලපත්‍රයක් ලබා ගැනීමේ හැකියාව පවතී.

මේ අතර පසුගියදා ලිංගික හිංසනයකට වූ සවිස්ටර්ලන්ත කාන්තාවට ත්‍රීරෝද රථ පැදවීමට අවසර හිමිවූයේ කෙසේද යන්න පිළිබඳව විමර්ශනයක් ද මේ වන විට ආරම්භ කර තිබේ.

මෙරට ඇතැම් ත්‍රීරෝද රථ හිමියන් වලංගු ත්‍රීරෝද රථ රියදුරු බලපත්‍රයක් නොමැති විදේශිකයන්ට කුලී පදනම මත ත්‍රීරෝද රථ ලබා දෙන බවටද තොරතුරු වාර්තා ලැබී ඇති අතර ඔවුන්ට ද එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු.වුට්ලර් මහතා පැවසීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026