Skip to content
V
වලස්කටා පොලිසිය විසින් අත්අඩංගුවට
featured news - උණුසුම් පුවත්

වලස්කටා පොලිසිය විසින් අත්අඩංගුවට

By News Room · 7 August 2025

විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේගේ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ ජාලය මෙරට සිට මෙහෙයවූ ප්‍රධානතම සැකකරු බවට සැකකෙරෙන සම්පත් හෙවත් වලස්කටා නැමැත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පද්මේගේ සමීපතම ගෝලයෙකු බව කියන දිසානායකගේ දේවාන්මිනි දිසානායක හෙවත් ගම්පහ පස්දේවා නැමැත්තා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී පසුගිය 3 වැනිදා අත්අඩංගුවට පත් වූ අතර, ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් අනුව මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඔහු විදේශගතව සිටින කෙහෙල්බද්දර පද්මේගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය සහ අපරාධ ජාලය මෙහෙයවූ ප්‍රධාන සැකකරු බවට මේ වන විට හඳුනාගෙන ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026