Skip to content
V
වරාය ඩිජිටල් කරන්න ජපන් සහය
featured news - උණුසුම් පුවත්

වරාය ඩිජිටල් කරන්න ජපන් සහය

By News Room · 27 February 2025

ශ්‍රී ලංකාව තුළ වරාය ආශ්‍රිත ව්‍යාපෘති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට ජපාන රජය එකඟතාව පළ කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමතා අකියෝ (Isomata Akio) මහතා අතර ජනාධිපති කාර්යාලයේදී අද (27) පැවැති හමුවේදී මෙම එකගතාව පළ කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. 

ජපාන රජය මෑතකදී ආරම්භ කළ ආරක්ෂක සහයෝගීතා ආධාර වැඩසටහනට ශ්‍රී ලංකාව ඇතුළත් කරගැනීමට කටයුතු කර ඇති බවද ඉසොමතා අකියෝ (Isomata Akio) මහතා මෙහිදී පවසා ඇත. යුද්ධයෙන් පීඩාවට පත් උතුරු ප්‍රදේශයේ ජාතික සංහිඳියාව ඇති කිරීම සඳහා ජපානය, ස්විට්සර්ලන්තය සහ දකුණු අප්‍රිකාව ඒකාබද්ධව සිදු කරන වැඩසටහන පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබේ.

ඒ අනුව එහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද තානාපතිවරයා  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව දැනුම්වත් කර ඇත. ඩිජිටල් ආර්ථික සහ ගුවන්තොටුපොළ ආයෝජනයන්හි වර්තමාන තත්ත්වය සහ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු බවද ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

එමෙන්ම නුදුරු දිනකදීම ජපානයේ නිල සංචාරයකට එක්වන ලෙසද ජපාන තානාපති ඉසොමතා අකියෝ (Isomata Akio) මහතා මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ඇරයුම් කර තිබේ.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ,  ජනාධිපති ආර්ථික හා මූල්‍ය කටයුතු උපදේශක අචාර්ය දුමින්ද හුලන්ගමුව, ජපාන තානාපති කාර්යාලයේ පළමු ලේකම් සහ ආර්ථික සංවර්ධන සහයෝගීතා අංශ ප්‍රධානී ඔහාෂි කෙන්ජි (Ohashi Kenji), ජපාන තානාපති කාර්යාලයේ පළමු ලේකම් සහ දේශපාලන අංශ ප්‍රධානී මුරතා ෂිනිචි (Murata Shinichi) යන මහත්වරුද මෙම අවස්ථාවට එක්විය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026