Skip to content
V
වර්ජනයකට සැරසෙන දුම්රිය ස්ථානාධිපතිවරු
featured news - උණුසුම් පුවත්

වර්ජනයකට සැරසෙන දුම්රිය ස්ථානාධිපතිවරු

By News Room · 29 October 2024

දුම්රිය ස්ථානාධිපති තනතුරට අදාළව මතුව ඇති ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ක්ෂණික වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය තීරණය කර තිබේ.

ඊයේ (28) දිනයේ සිට පැය 72ක කාලයක් තුළ සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේය.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ උසස් වීම් ගැටලුව ඇතුළු ගැටලු කිහිපයකට විසඳුම් ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීම් කළ ද ඊට යහපත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේය.

"දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා මේ වෙද්දි ප්‍රකාශ කරලා තියෙනවා අපි වැරදි තොරතුරු දෙනවා කියලා. නමුත් කිසිදු වැරදි තොරතුරක් නෑ. වසර 5න් 5 ශ්‍රේණිගත වෘත්තීය සමිති ගණනාවක ඉල්ලීමකින් කොටසකට විතරක් දීලා පැවති රජයේ අමාත්‍යවරයා අවස්ථාව ලබානොදෙද්දි වෘත්තීය ක්‍රියාමාර්ගයකින් අපිට ලැබුණු උසස්වීම් ක්‍රමවේදය මේ වෙද්දි ක්‍රියාත්මක කරන්නේ නැතුව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා අත්තනෝමතිකව රඳවාගෙන තබාගෙන ඉන්නවා. ඒ පිළිබඳව අපේ විරෝධය පළ කරනවා. නමුත් ඒ හා සමගම තවත් කරුණු කිහිපයක් තියෙනවා. විවිධ ශ්‍රේණිවලට වාසි සහගත ලෙස සලකමින් දෙපාර්තමේන්තුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට තල්ලු කිරීමේ උත්සාහයක පාලනාධිකාරිය කටයුතු කරනවා කියන එක ඇමතිවරයාට හා ජනාධිපතිවරයාට පවසනවා. මෙයට සාධනීය පිළිතුරක් නැති නම් සමස්ත දුම්රිය සේවකයින් වෙනුවෙන් අපි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා."

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026