Skip to content
V
වයඹ පළාත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු කාර්යාලයේ එක්දින සේවා අරඹයි
featured news - උණුසුම් පුවත්

වයඹ පළාත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු කාර්යාලයේ එක්දින සේවා අරඹයි

By News Room · 4 November 2025

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් කාර්යාලයේ එක්දින සේවා රාජකාරී කටයුතු ආරම්භ කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, වයඹ පළාත් ජනතාවට එක්දින සේවය මඟින් ජාතික හැඳුනුම්පත් ලබාගැනීම හා ඒ සම්බන්ධ අනෙකුත් සේවාවන් වඩාත් පහසුවෙන් සිදු කර ගැනීමට හැකියාව ඇති බවයි සඳහන් වන්නේ.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් කාර්යාලය කුරුණෑගල නව වෙළඳ සංකීර්ණයේ 03 වැනි මහලේ පිහිටා ඇති අතර, 0372 224 337 යන දුරකථන අංකය හරහා එම කාර්යාලය සමග සම්බන්ධ වීමේ හැකියාව පවතින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026