Skip to content
V
වඳුරු උණ වයිරසය දරුණු ව්‍යාප්තියක
featured news - උණුසුම් පුවත්

වඳුරු උණ වයිරසය දරුණු ව්‍යාප්තියක

By News Room · 15 August 2024

අප්‍රිකා රටවල ‘එම්පොක්ස්’ හෙවත් ‘වඳුරු උණ’ වයිරස ව්‍යාප්තිය සම්බන්ධයෙන්, හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගත්තේය. ඒ, ‘එම්පොක්ස්’ හෙවත් ‘වඳුරු උණ’ ව්‍යාප්තිය, ගෝලීය මහජන සෞඛ්‍යයට තර්ජනයක් වීමට ඉඩ ඇතැයි බිය පළ කරමිණි.

අප්‍රිකා රටවල, මේ වනවිට ව්‍යාප්ත වෙමින් පවතින්නේ ‘එම්පොක්ස්’ වයිරසයේ නව ප්‍රභේදයකි. මෙම ප්‍රභේදය බිහිසුණු බව පැවැසෙයි.නව ප්‍රභේදය රටවල් 13 කට පැතිරී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. එම රටවල් අතරින් වඳුරු උණ ව්‍යාප්තිය දරුණුවට සිදුවන්නේ කොංගෝ ජනරජයේය. 

‘එම්පොක්ස්’ නව ප්‍රභේදය හමුවී ඇත්තේ බුරුන්ඩි රාජ්‍යය, කෙන්යාව, රුවන්ඩාව සහ උගන්ඩාව යන අප්‍රිකා රටවලිනි. මේ වනවිට මෙම නව වයිරස ප්‍රභේදය ආසාදනය වූ 450 දෙනකු පමණ මියගොස් ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

‘අප්‍රිකා රටවල ව්‍යාප්ත වන ‘එම්පොක්ස්’ නව ප්‍රභේදය ගැන අප කනස්සල්ල පළ කරනවා. එය ගෝලීය අවධානමක් ඇති කිරීමට අප ඉඩ දෙන්නේ නැහැ’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හම් ගෙබ්‍රියේසිස්, සිය එක්ස් ගිණුම ඔස්සේ පවසා ඇත.

‘වඳුරු උණ’ වයිරසය පළමුවෙන් හඳුනා ගැණුනේ 1958 වසරේ දී අප්‍රිකානු වඳුරන්ගේ සිරුරුවලිනි. ‘වඳුරු උණ’ යනුවෙන් එය හැඳින්වෙන්නේ ද ඒ නිසාය. වඳුරන් පමණක් නොව, මීයන්, ඌරු මීයන්, ලේනුන් ආදී ක්ෂීරපායී සතුන් හරහා ද මෙම වයිරසය මනුෂ්‍යයන්ට ව්‍යාප්ත වෙයි. ‘වඳුරු උණ’  පැපොල (චිකන් පොක්ස්) වලට සමානය.

‘වඳුරු උණ’වලින් ආරක්ෂා වීමට ලබා දෙන්නේ පැපොල වයිරසයෙන් ආරක්ෂාවීමට ලබා දෙන වර්ගයේ ප්‍රතිශක්තිකරණ එන්නතකි. එම එන්නත් මේ වනවිට අප්‍රිකා රටවලට ලැබෙමින් පවතින අතර, එන්නත්කරණ කටයුද ආරම්භ වී ඇත. ‘වඳුරු උණ’ රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ උණ සහ සමේ බිබිලි මතුවීමය.

‘වඳුරු උණ’ බරපතල රෝගයක් නොවන අතර රෝගය ඉක්මනින් සුවවීම හෝ සංකූලතා ඇති වීම හෝ සිදුවන්නේ, සිරුරේ ප්‍රතිශක්තිය අනුවය. ‘වඳුරු උණ’ වයිරස ව්‍යාප්තිය බහුලව සිදුවන්නේ සමලිංගික පිරිමින් අතරේ යැයිද තහවුරු වී තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026