Skip to content
V
වත්තේගම නිවසක පිපිරීමකින් පුද්ගලයෙක් රෝහලට
featured news - උණුසුම් පුවත්

වත්තේගම නිවසක පිපිරීමකින් පුද්ගලයෙක් රෝහලට

By News Room · 17 September 2024

වත්තේගම, පොල්ගොල්ල, වත්තේගෙදර ප්‍රදේශයේ නිවසක පිටුපස කසල ගොඩක් පුළුස්සමින් සිටියදී එහි ඇතිවූ පිපිරීමක් හේතුවෙන් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලිසිය කියයි.

තුවාලකරු මූලික ප්‍රතිකාර සඳහා කටුගස්තොට රෝහලට ඇතුළත් කොට ඇති අතර එසේ තුවාල ලබා ඇත්තේ 24 හැවිරිදි පුද්ගලයකි.

පිපිරීමෙන් ඔහුගේ මුහුණ ප්‍රදේශයට තුවාල සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

තුවාලකරු සිද්ධිය සම්බන්ධයෙන් කිසියම් යමක් වසන් කරන බවට රෝහල් බලධාරීන්ට පෙනී ගොස් තිබූ බැවින් 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට සිද්ධිය සම්බන්ධයෙන් දැනුම් දීමෙන් පසු වත්තේගම පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026