Skip to content
V
ලොහාන් රත්වත්තේට ඇප
featured news - උණුසුම් පුවත්

ලොහාන් රත්වත්තේට ඇප

By News Room · 9 December 2024

අත්අඩංගුවට ගෙන පසුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාව අද (09) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.

ඒ රිය අනතුරක් සිදුකර අගතියට පත් පාර්ශවයට තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙනි. 

බීමතින් රිය ධාවනය, අනතුරක් සිදුකිරීම සහ අගතියට පත් පාර්ශ්වයට තර්ජනය කිරීම යන චෝදනා සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කොල්ලුපිටිය පොලීසිය විසින් පසුගිය 6 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය.

ලොහාන් රත්වත්තේ මහතා සිය ඥාති නිවසකට ගොස් නැවත යමින් සිටියදී ඔහු පැදවූ ජීප් රථය කොල්ලුපිටිය මංසන්ධිය අසලදී තවත් මෝටර් රථයක ගැටී එම අනතුර සිදුව තිබුණි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026