Skip to content
V
ලොහාන් රත්වත්තේ කොළඹ ජාතික රෝහලට
featured news - උණුසුම් පුවත්

ලොහාන් රත්වත්තේ කොළඹ ජාතික රෝහලට

By News Room · 3 November 2024

රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා සඳහන් කළේ ඊයේ (02) රාත්‍රී ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ලොහාන් රත්වත්තේ මහතා ජාතික රෝහලට ඇතුළත් කළ බවය.

නීතිවිරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාවට අදාළව පසුගිය 31 වනදා අත්අඩංගුවට ගත් ලොහාන් රත්වත්තේ මහතා නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමුකරමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නිර්දේශ කිරීම හේතුවෙන් ලොහාන් රත්වත්තේ මහතා පසුව බන්ධනාගාර රෝහල වෙත යොමුකිරීම‍ට පියවර ගෙන තිබුණි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026