Skip to content
V
ලෝව හොඳම බැංකු අධිපතිවරුන් අතරට නන්දලාල් වීරසිංහ තේරී පත්වෙයි
featured news - උණුසුම් පුවත්

ලෝව හොඳම බැංකු අධිපතිවරුන් අතරට නන්දලාල් වීරසිංහ තේරී පත්වෙයි

By News Room · 22 August 2024

ලෝකයේ ඉහළම ශ්‍රේණිගත කිරීම ලැබූ මහ බැංකු අධිපතිවරුන් අතරට තේරී පත්වීමට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමත්ව ඇත.

මෙම වසරේ මහ බැංකුකරුවන්ගේ ප්‍රගති වාර්තාවේ ඉහළම ශ්‍රේණිය වන "ඒ" ශ්‍රේණිය ලබාගත් මහ බැංකු අධිපතිවරුන්ගේ නම් ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව පසුගියදා ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාද "ඒ" ශ්‍රේණියෙන් පිදුම් ලබා ඇත.

මෙරට ආර්ථිකය මුහුණ දුන් අභියෝගාත්මක කාලවල දී මහ බැංකු අධිපතිතුමා ලබා දුන් සුවිශේෂී නායකත්වය සහ උපාය මාර්ගික විශේෂඥතාව මෙයින් පිළිබිඹු වන බවත් උද්ධමන කළමනාකරණය, ආර්ථික වර්ධනය, මුදලෙහි ස්ථාවරත්වය සහ පොලී අනුපාත පාලනය වැනි ප්‍රධාන ක්ෂේත්‍රයන් තුළ ආචාර්ය වීරසිංහ මහතා ලැබූ සාර්ථකත්වය මැනවින් පෙන්නුම් කෙරෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.

මහ බැංකුකරුවන්ගේ ප්‍රගති වාර්තාව 1994 වසරේ සිට ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබයි. ප්‍රධාන රටවල්, කලාප සහ දිස්ත්‍රික්ක 100 කට අධික සංඛ්‍යාවක මහ බැංකු අධිපතිවරුන් ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් මෙම ශ්‍රේණිගත කිරීමට ඇතුළත් කරනු ලබයි.

උද්ධමනය පාලනය, ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීම, මුදල් ඒකකයේ ස්ථාවරත්වය සහ පොලී අනුපාත කළමනාකරණය කිරීම සැලකිල්ලට ගනිමින් ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව ශ්‍රේණි ගත කිරීම ලබාදෙයි. එහිදී මහ බැංකු අධිපතිවරයකුට ලබා දෙන ඉහළම ශ්‍රේණිගත කිරීම "ඒ" වන අතර පහළම ශ්‍රේණිගත කිරීම "එෆ්" වේ. "ඒ" ශ්‍රේණිගත කිරීම "ඒ" ප්ලස්, "ඒ" , "ඒ"  මයිනස් ලෙස කොටස් තුනකි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026