Skip to content
V
ලොව විශාලතම වෙළෙඳ බලකායට එක්වන්න ශ්‍රී ලංකාව සැරසෙයි!
featured news - උණුසුම් පුවත්

ලොව විශාලතම වෙළෙඳ බලකායට එක්වන්න ශ්‍රී ලංකාව සැරසෙයි!

By News Room · 3 June 2026

ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුම වන RCEP (Regional Comprehensive Economic Partnership) සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා වන රාජ්‍යතාන්ත්‍රික පියවර ශ්‍රී ලංකාව විසින් සාර්ථකව ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසනවා.

සිය ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත නිල සංචාරය අවසන් කරමින්, කැන්බරා නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙම සංචාරය අතරතුර දී, RCEP සංවිධානයේ ප්‍රධාන සාමාජිකයන් දෙපළක් වන ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය විසින් ශ්‍රී ලංකාවට එම සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට එකඟතාව පළ කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ගෝලීය ජනගහනය මෙන්ම, ආර්ථික නිපැයුම් අතින් ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුම ලෙස සැලකෙන RCEP, ආසියානු පැසිපික් කලාපයේ ආර්ථික සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා රටවල් 15 ක සහභාගීත්වයෙන් පිහිටුවා තිබෙනවා. 

මෙයට බෲනායි, කාම්බෝජය, ඉන්දුනීසියාව, ලාඕසය, මලයාසියාව, මියන්මාරය, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ වියට්නාමය යන ආසියාන් (ASEAN) කලාපීය සාමාජික රටවල් 10 මෙන්ම, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ජපානය, චීනය සහ දකුණු කොරියාව යන සෙසු ප්‍රධාන ආර්ථික බලවතුන් ද ඇතුළත් වනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026