Skip to content
V
ලොව විශාලතම වායු නිධිය පුපුරුවන බවට ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇඟවීම්
featured news - උණුසුම් පුවත්

ලොව විශාලතම වායු නිධිය පුපුරුවන බවට ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇඟවීම්

By News Room · 19 March 2026

ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉරානය දිගින් දිගටම කටාර් රාජ්‍යයට ප්‍රහාර එල්ල කරන්නේ නම්, ඉරානයේ පිහිටි ලොව විශාලතම වායු නිධිය වන 'සවුත් පාර්ස්' South Pars නිධිය දැවැන්ත ලෙස පුපුරුවා හරින බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා.

මැද පෙරදිග සිදුව ඇති දේ පිළිබඳ කෝපයෙන් ඊශ්‍රායලය, ඉරානයේ සවුත් පාර්ස් නම් ප්‍රධාන වායු නිධියට ප්‍රචණ්ඩ ලෙස පහර දී ඇති බවත්, එම ප්‍රහාරය පිළිබඳව අමෙරිකා එක්සත් ජනපදය කිසිවක් දැන නොසිටි බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ඉරානය නැවතත් අහිංසක පාර්ශ්වයකට පහර නොදෙන්නේ නම් ඊශ්‍රායලය නැවත එම වායු නිධියට පහර නොදෙනු ඇති බවත්, ඉරානය නැවත පහර දුනහොත් ඊශ්‍රායලයේ සහය ඇතිව හෝ නැතිව අමෙරිකා එක්සත් ජනපදය විසින් සමස්ත සවුත් පාර්ස් වායු නිධියම ඉරානය මින් පෙර කවදාවත් දැක හෝ අත්විඳ නොමැති තරමේ දැවැන්ත ශක්තියකින් සහ බලයකින් පුපුරුවා හරින බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026