Skip to content
V
ලොව වේගවත්ම කුරුල්ලා ලංකාවේ
featured news - උණුසුම් පුවත්

ලොව වේගවත්ම කුරුල්ලා ලංකාවේ

By News Room · 25 August 2024

ලෝකයේ වේගවත්ම කුරුල්ලා බව කියන පෙරෙග්‍රීන් උකුස්සාගේ (Peregrine falcon) උප විශේෂයකට අයත් ෂහීන් උකුස්සකු ඉකුත් දිනෙක කොළඹදී දැක ගැනීමට ලැබී තිබෙනවා.

කුරුලු නිරීක්ෂකයකු වන ප්‍රියනාත් කොතලාවෙල මෙම උකුස්සා නිරීක්ෂණය කොට තිබෙනවා. ඒ තලවතුගොඩ, කිඹුලාවල ඇවිදින මංතීරුව ප්‍රදේශයේදී ඉකුත් (17) වැනි දිනයි. පෙරෙග්‍රීන් උකුස්සා (Peregrine falcon) ශ්‍රී ලංකාවේ දුර්ලභ නමුත් නිත්‍ය සංක්‍රමණික පක්ෂියෙක්. පෙරෙග්‍රීන් උකුස්සා ගේ අධික වේගය හේතුවෙනුයි වඩාත් ප්‍රසිද්ධයක් උසුලන්නේ.

ගොදුරක් හඹා යෑමේදී පැයට කිලෝමීටර් 300ක තරම් වේගයකින් ළඟාවීමට එම උකුස්සාට හැකි බවයි පැවසෙන්නේ. එම වේගය පැයට කිලෝමීටර 120ක වේගයෙන් යන ගොඩබිම සත්වයා වන චීටාටත් වඩා දෙගුණයකටත් වඩා වැඩි බවයි වාර්තා වන්නේ. යුරෝපයේ සහ ආසියාවේ අභිජනන භූමියෙන් දකුණට සංක්‍රමණය වන ශීත මාසවලදී පෙරෙග්‍රීන් උකුස්සන් සාමාන්‍යයෙන් කොළඹ දී දක්නට ලැබෙනවා.

ඒ අනූවයි මෙම උකුස්සන් කොළඹ නගරයේ කලාතුරකින් සැරිසරන බව දකින්නට ලැබෙන්නේ. මේ අතර උස් ගොඩනැගිලි හෝ සන්නිවේදන කුළුණු පිරික්සීමෙන් කුරුළු නිරීක්ෂකයන්ට මෙම කුරුල්ලා හඳුනා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ බව ලංකා කුරුළු නිරීක්ෂණ සංගමයේ ලේකම් කිත්සිරි ගුණවර්ධන පෙන්වා දෙනවා. කොළඹ ආශ්‍රිතව ෂහීන් උකුස්සන්ගේ අභිජනනයන් වාර්තා වී නොමැති බව පැවසෙනවා. පෙරෙග්‍රීන් උකුස්සන් සාමාන්‍යයෙන් ගල්පර මත සහ යුරෝපයේ උස් ගොඩනැගිලි මත තම කූඩු ගොඩනඟන බව වාර්තා වනවා. කෙසේ වෙතත් මෙම කාල සීමාවේදී කුරුළු නිරීක්ෂකයන්ට මෙම පක්ෂීන් කොළඹ ප්‍රදේශයේදී දැකගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026