Skip to content
V
ලොව වයස්ගතම පුද්ගලයා මියයයි
featured news - උණුසුම් පුවත්

ලොව වයස්ගතම පුද්ගලයා මියයයි

By News Room · 27 November 2024

ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට අයිතිවාසිකම්හී ජෝන් ටිනිස්වුඩ් පසුගියදා 25 වැනිදා එංගලන්තයේ සවුපෝර්ට් නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයකදී අභාවප්‍රාප්ත වී ඇතැයි ලෝක ගිනස් වාර්තාව අද (27) ප්‍රකාශ කළේය.

මියයන විට ජෝන් ටිනිස්වුඩ් 112 වැනි වියේ පසුවිය. මීට පෙර ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාව අත් කරගෙන සිටි වෙනිසියුලාවේ 114 හැවිරිදි ජුවාන් විසේන්ටේ පෙරේස් මිය යාමෙන් පසුව පසුගිය අප්‍රේල් මාසයේදී ජෝන් ටිනිස්වුඩ් ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාව හිමිකර ගත්තේය.

ජෝන් ටිනිස්වුඩ් ටයිටැනික් ඛේදවාචකය සිදුවූ 1912 වසරේ අගෝස්තු මස 26 වැනිදා උපත ලබා තිබූ අතර ඔහු ලෝක යුද්ධ දෙකකින් සහ ගෝලීය වසංගත දෙකකින් දිවි රැකගත් වාසනාවන්ත අයෙකු ලෙස සැලකේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026